විශේෂ ආරක්ෂාවක් යටතේ ඉන්න දේශබන්දුට පිටතින් ආහාර ගන්න අවසර

පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින වැඩ තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පිටතින් ආහාර ලබා ගැනීම සඳහා බන්ධනාගාරයෙන් ඉල්ලීමක් සිදුකොට ඇති බව වාර්තාවේ.

බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුවකුට පිටතින් ආහාර ලබා ගැනීමට අවසර ඇතත් ඒ සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් විශේෂ අවසරයක් ලබාගත යුතු බවයි.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයෙන් අප්‍රේල් 03වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ වැඩ තහනමට ලක්ව ඇති ටපු පොලිස්පතිවරයා ආරක්ෂක හේතුන් මත පල්ලකැලේ දුම්බර බන්ධනාගාරයේ විශේෂ සිරමැදිරියක මේ වන විට රඳවා තබා තිබෙන අතර ඔහුට විශේෂ ආරක්ෂාවක් යෙදවීමටද බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන ඇති බවද බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *