සෞඛ්‍ය සේවයේ විශේෂඥ වෛද්‍යවරුන් 2800ක් සිටිය යුතු වුවත් දැනට සිටින්නේ දෙදහසක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
විශේෂඥ වෛද්‍යවරුන්ට මෙවර අයවැයෙන් සහනයක් ලබාදීමට කටයුතු කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.
ජයතිස්ස මහතා මෙසේ පැවසුවේ සමග ජන බලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.