විශ්‍රම වැටුප් ලබා දීම අද සහ හෙට දිනයන්හි

විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික බැංකු අද  සහ හෙට  විවෘතව තැබෙන බව ආර්ථික පුනර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය පවසයි.

එම කාර්ය සාධක බළකාය සඳහන් කළේ තැපැල් කාර්යාල ජුනි 10,11 සහ 12 වන දින වල විවෘතව තැබීමට උපදෙස් දී ඇති බවය.

එම දීමනා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට විශ්‍රාම වැටුප් හැඳුනුම්පත, අවසර පත්‍ර ලෙස භාවිතා කළ හැකි බව ආර්ථික පුනර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර විශ්‍රාම වැටුප් ගැනීම සඳහා යන පුද්ගලයින් හට නොමිලයේ ප්‍රවාහන පහසුකම් සැපයිමටද කටයුතු සකසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *