ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 23 හැවිරිදි සිසුවෙකු සැක කටයුතු ලෙස මිය ගොස් ඇති බව වාර්තා වේ.
එම සිසුවා මහරගම කටුවාවල ප්‍රදේශයේ පිහිටි විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ පදිංචිව සිට ඇති බව පොලීසිය සඳහන් කළේය.
ශිෂ්‍යයාගේ (පිරිමි) මළ සිරුර නේවාසිකාගාරයේ පළමු මහලේ එල්ලෙමින් තිබියදී සෙසු සිසුන් විසින් ඔහු මියගොස් සිටි බව වාර්තා විය.
පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ විශ්වවිද්‍යාල නේවාසිකාගාරයේ සිසුන් 64 දෙනෙකු නේවාසිකව සිටින බවයි. මියගොස් ඇත්තේ යාපනය කයිට්ස් ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.
සිසුවාගේ මරණය සම්බන්ධයෙන් ඥාතීන් සැක පළ කර ඇති අතර ඒ හේතුවෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.