ශ්‍රී ලංකාවේ විවාහ වීමේ වයස පොදු වයසක් බවට පත්කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයෙන් යෝජනා කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය එහි සභාපතිනී අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම යෝජනාව ඉදිරිපත්කර තිබේ.
මෙරට දැනට පවතින විවිධ විවාහ නීති අනුව පවතින විවාහවන වයස් සීමාව පොදු වයසකට ගෙන ඒමට අවශ්‍ය සංශෝධන සකස් කිරීම සඳහා සිවිල් සංවිධාන සහ සෙසු පාර්ශ්වයන්ගෙන් යෝජනා ගැනීමට සහ ඒ ඔස්සේ අවසන් නිර්දේශ සංසදය සකස් කිරීමට යෝජනා වී තිබේ.
‘ළමයා‘ යන්නට නිවැරදි ලෙස අර්ථකථනයක් දීමට අවශ්‍ය සංශෝධන කිරීමට ද මෙහිදී මන්ත්‍රීවරියන්ගේ සංසදයේ අවධානය වූ බව ද සඳහන් වේ.