පවතින වියලි කාලගුණය හේතුවෙන් ජල සැපයුම සීමා කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. බොහෝ ප්රදේශවල ප්රධාන ජලාශ හා පානීය ජලය ලබා ගන්නා ජල මූලාශ්ර සීදි පවතින බැවින් පැය 24 පුරා අඛණ්ඩව ජලය බෙදා හැරීම සීමා කිරීමට සිදුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
මේ හේතුවෙන් පානීය ජලය හැකිතාක් අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද එම මණ්ඩලය ජල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.