විමලසුරේද්‍ර වාන් දමයි:කැළණි ගඟ ජලමට්ටම ඉහළට

නෝර්ටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජල පෝෂක ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය අද උදෑසන සිට වාන් දැමීමට පටන් ගෙන ඇතැයි වාරි ඉංජිනේරුවෝ පවසති.

විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමත් සමග කැළණි ගගේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය පවසයි.

කාසල්රි සහ මාවුස්සාකැලෙ ජලාශවල ජල මට්ටමද පිටාර මට්ටමට ආසන්න වෙමින් පැවතින බවත්, ඒ අනුව කැනියෝන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර ජලාශවල විදුලි ධාරිතාව උපරිම ධාරිතාවයෙන් සිදු කරන බවයි එම ජලාශභාර ඉංජිනේරුවෝ කියා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *