විභාග පරීක්ෂකවරුන්ට පමණක් ජංගම දුරකථන භාවිත කිරීමට අවසර

ලබන සඳුදා (25) ආරම්භ වීමට නියමිත 2024 අ.පො.ස උසස් පෙළ (උ.පෙළ) විභාගවලදී විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකථන භාවිත කිරීමට අවසර ඇත්තේ නිරීක්ෂකයින්ට පමණක් බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

විභාග දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර කියා සිටියේ සහකාර විදුහල්පතිවරුන්ට හෝ කාර්ය මණ්ඩලයට මෙවර ජංගම දුරකථන භාවිත කිරීම තහනම් බවයි.

උසස් පෙළ විභාගය ලබන සඳුදා ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

“පළමු දින හයට අදාළ විභාග ප්‍රශ්න පත්‍ර හෙට විභාග මධ්‍යස්ථාන වෙත යවනවා.
විභාගය සඳුදා මධ්‍යස්ථාන 2,312කදී ආරම්භ වන අතර දෙසැම්බර් 20 වැනිදා අවසන් වේ.

“මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 333,183 දෙනෙකු පෙනී සිටිති. පාසල් අයදුම්කරුවන් 253,390 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 79,795 ක් මුළු අයදුම්කරුවන් අතර සිටිති,” කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *