විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් කළු ඇඳගෙන පාර්ලිමේන්තුවට

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අද කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා. සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාරගෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී කියා සිටියේ අහස උසට නැඟෙන ජීවන වියදමට විරෝධය පළ කිරීමක් ලෙස ඔවුන් කළු ඇඳගෙන පැමිණි බවයි.

කෙසේ වෙතත්, තලතා අතුකෝරළ, කබීර් හෂීම් ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සාමාන්‍ය ඇඳුමින් සැරසී පැමිණීම නිසා පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම දෙකඩ වූ බවක් පෙනෙන්නට තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *