රජය විසින් අලුතින් දියත් කරන ලද ඔන්ලයින් පද්ධතිය හරහා ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පියවර හතරකින් යුත් සරල ක්‍රියාවලියක් ගෙනහැර දක්වා ඇත.
ඔන්ලයින් ගමන් බලපත්‍ර ක්‍රමය ඊයේ (15) හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් නිල වශයෙන් එළිදැක්විණි.
මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දැනුම්දීමකට අනුව, මහජනතාවට පහත ආකාරයට මාර්ගගත ක්‍රමය හරහා ගමන් බලපත්‍ර ලබා ගත හැකිය.
www.immigration.gov.lk වෙත පිවිසෙන්න
ඔබගේ පුද්ගලික ජංගම දුරකථනයට යවන ලද මුරපදය ඇතුළත් කරන්න.
ඔබගේ මුල් ලේඛනවල ස්කෑන් කරන ලද පිටපත් උඩුගත කරන්න.
ඔබේ ඇඟිලි සලකුණ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ලබා දෙන්න.
වැඩිදුර විමසීම් අවශ්‍ය නම් 0112 101500 අංකයෙන් බලධාරීන් අමතන ලෙස ඉල්ලා ඇත.