විදෙස් සමාගම් සංස්ථාපනය තාවකාලිකව අත්හිටුවයි

නැවත දැනුම් දෙන තුරු විදේශීය හිමිකාරීත්වය සහිත සමාගම් ශ්‍රී ලංකාවේ සංස්ථාපනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව පවසයි. එහි නිල වෙබ් අඩවියේ මේ පිළිබඳව නිවේදනයක් පළ කර ඇත.

කෙසේ වෙතත් ආයෝජන මණ්ඩල අනුමත සමාගම් සඳහා මෙම තීරණයෙහි බලපෑමක් නොමැති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සංස්ථාපන අංශය ඇමතීමෙන් ලබා ගත හැකි බව එම නිවේදනයේ දැක්වෙන අතර ඒ සඳහා පහත දුරකතන අංක ලබා දී තිබේ.

 0112689208/09 – EXT 245, DIRECT 0112689616

Leave a Reply

Your email address will not be published. Required fields are marked *