මහජන උපයෝගිතා කොමිසම ඉදිරිපත් කළ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මුදල් අමාත්‍යංශයේ උපදෙස් අනුව ක්‍රියාත්මක වන බව බලශක්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ(17) පස්වරුවේ පැවසීය.
උපයෝගිතා කොමිසමේ නිර්දේශ නිල වශයෙන් ලැබීමෙන් පසුව ඒ පිළිබඳව කටයුතු කරන බව ද එම අමාත්‍යංශය වැඩි දුරටත් කියයි.
මහජන උපයෝගිතා කොමිසම විදුලි ගාස්තු සියයට 20 කින් අඩු කළ යුතුයැයි ඊයේ(17) පස්වරුවේ නිලවශයෙන් අවසන් නිර්දේශය කළේය.