විදුලි බිලට වෙන දේ හෙට කියයි

විදුලිය ගාස්තු සංශෝධනයට අදාළ අවසන් වාර්තාව හෙට සිකුරාදා නිකුත් කිරීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

විදුලිය ගාස්තු සංශෝධනයට අදාලව මහජන අදහස් පන්සියයකට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවද  එම කොමිසම සඳහන් කළේය.

දේශපාලනඥයන් සිවිල් සංවිධාන නියෝජිතයන් බල ශක්ති විශේෂඥයන් ඇතුළු විවිධ තරා තරම්වල පුද්ගලයෝද  මෙහිදී අදහස් ලබා දුන්හ.

මින් බහුතරයක් පවසා ඇත්තේ විදුලිබිල සියයට විස්සක් තිහත් අතර ප්‍රමාණයකින් අඩු කළ යුතු බව යැයි  එම කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන කොමිසමේ සභාපති මහාචාර්ය කේ.පී.එල් චන්ද්‍රලා මහතා පවසන්නේ දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය වන පරිදි මෙම අදහස් ලබාගැනීම කළ බවයි.

මහජන අදහස් ලබා ගැනීම පසුගිය  10 වැනිදායින් අවසන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *