විදුලි ගාස්තු සංශෝධනය ගැන ලංවිම යෝජනා 6දාට පෙර

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සඳහා නව යෝජනා 2024/12/06දාට පෙර මහජන උපයෝගීතා කොමිෂමට ලබාදෙන බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

2025 වසර සඳහා නව යෝජනාව ක්‍රමවත් පරිදි ඉදිරිපත් කිරීම සඳහා ලංවිමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ලංවිම මීට පෙර සියයට 6- 11 දක්වා වූ ගාස්තු අඩු කිරිමක් යෝජනා කරමින් 2024/10/24 දින ඉදිරිපත් කළ යෝජනාව මහජන උපයෝගීතා කොමිෂම විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද ලංවිම වැඩිදුරටත පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *