වර්තමානයේ පවතින විදුලි ගාස්තුව ලබන වසරේ පළමු මාස හය තුළ ද පවත්වාගෙන බවට ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇතැයි මහජන උපයෝගීතා කොමිසමේ උසස් නිලධාරියෙක් පැවසීය.
විදුලිබල මණ්ඩලයේ යෝජනාවලිය පිළිබඳ එම කොමිසම සලකා බලන බවත් ඉන්පසුව ඒ සඳහා වන නිර්දේශ ඉදිරිපත් කරන බවත් එම නිලධාරියා සඳහන් කළේය.
විදුලි බල මණ්ඩලයේ යෝජනාව පිළිබඳව අවසන් තීරණයකට එළඹීමට මාසයක පමණ කාලයක් ගතවනු ඇති බවත් හදන උපයෝගීතා කොමිසමේ පනතට අනුව අදාළ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.