ඔක්තෝබර් මස මුල වන විට ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබුණහොත් විදුලි උත්පාදනය අර්බුදකාරී වනු ඇති බව නිලධාරියෙක් පැවසීය.
පවතින වියළි කාලගුණය හේතුවෙන් ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බැස ඇති බැවින් ජල විදුලි ජනන ධාරිතාව ජාතික අවශ්‍යතාවයෙන් සියයට 15 දක්වා පහත වැටී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති රොහාන් සෙනෙවිරත්න මහතා පැවසීය.
විදුලිබල මණ්ඩලය අවශ්‍යතාවයෙන් සියයට 65ක් තාප විදුලිය මත රඳා පවතින අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජනන වියදම රුපියල් මිලියන 800 සිට රුපියල් මිලියන 1200 දක්වා ඉහළ ගොස් ඇත.
“පසුගිය වසරේ අදාළ කාලය තුළ අපට ප්‍රමාණවත් වර්ෂාපතනයක් ලැබුණා. ජලාශ පිරුණා. සමහර අවස්ථාවලදී අවශ්‍යතාවයෙන් සියයට 70ක් අපි ජල විදුලියෙන් යැපුණා. අද එය සියයට 15 දක්වා අඩුවෙලා.”
ලංවිම පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම අරඹා ඇත.