විදුලි ඇමති මාලිමාව විවාදයට කැඳවයි

බලශක්තිය, විදුලි බිල, ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්තිය පිළිබඳ ඕනම විවාදයකට සූදානම් බව විදුලි  බල හා බල ශක්ති අමාත්‍ය කංචන  විජේසේකර මහතා පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණ බලාගාර ඉදිකිරීම අවහිර කරමින්, ඒවා දේශපාලන ප්‍රශ්න බවට පත් කරගෙන කළ බාධා නිසා  රටේ බලශක්ති ක්ෂේත්‍රය අර්බුදයකට ගිය බවද විජේසේකර මහතා සඳහන් කළේය.

කරන හැම දේකටම විරුද්ධ නොවී සිටිමේ ප්‍රතිපත්තියට ආවොත් රටක් ලෙස ඉදිරියට යන්නට පුළුවන් බව කී අමාත්‍යවරයා  රටට නායකයෙක් ලෙස තෝරා ගත යුත්තේ ඇවිත් කරන්නම් කියන කෙනෙක්ද ? කරලා පෙන්වා තියෙන කෙනෙක්දැයි ප්‍රශ්න කළේය.

කොළඹ ලොරිස් මාවතේ පිහිටි කාර්යාලයේ දී  ‟පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කංචන විජේසේකර  මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *