අනාගතයේදී රට තුළ ඇතිවිය හැකි විදුලි අර්බුදයට මුහුණ දීමට විදුලි බලාගාර 5 ක් කඩිනමින් ඉදිකිරීමට රජය තීරණය කර ඇත.
විදුලි බල ක්ෂේත්රයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද වාර්තාවක් සැලකිල්ලට ගනිමින් රජය මෙම තීරණය ගෙන තිබේ.
මෙම බලාගාර 5 න් මෙගාවොට් 1700 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක්කර ගැනීමට අපේක්ෂිතය.
නොරොච්චෝල ලක්විජය ගල් අගුරු බලාගාරයේ දිගුවක් ලෙස මෙගාවොට් 300 ක බලාගාරයක්ද , ලක්දනව් සමාගම මගින් කෙරවලපිටියේ මෙගාවොට් 300 ක ද්විත්ව බලාගාරයක්ද , කෙරවලපිටියේ මෙගාවොට් 300 ක ස්වභාවික වායු බලාගාරයක්ද , කෙරවලපිටියේ මෙගාවොට් 500 ක ස්වභාවික වායු විදුලි බලාගාරයක්ද කෙරවලපිටිය මෙගාවොට් 300 ක ස්වභාවික වායු විදුලි බලාගාරයක්ද මේ යටතේ ඉදිකිරීමට යෝජිතය.