පවතින විදුලි අර්බුදයට මුහුණදීම සඳහා මෙගාවොට් 200ක විදුලිය පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට රජය තීරණය කර ඇති බව වාර්ථා වෙනවා.
ඒ සඳහා විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
විදුලිය මෙගාවොට් 200ක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා සමාගම් දෙක තෝරාගෙන ඇති අතර එම සමාගම් දෙකෙන් මෙගාවොට් 200ක විදුලිය වසරක කාලයක් සඳහා ලබා ගැනීමට අමාත්‍යාංශය කැබිනට් අනුමැතිය ඉල්ලා තිබිණි.
මීට අමතරවල දැනට විදුලිය මිලදී ගන්නා පෞද්ගලික සමාගම්වල ගිවිසුම් තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇත.