විදුලියට ස්ථාවර මිලක්

විදුලි බිල සඳහා ස්ථාවර මිලක් ලබාදීමේ වැඩසටහන මේ වන විට අරඹා ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

විදුලි බිල අඩු වීම ස්ථාවරව පවත්වා ගැනීම සඳහා පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා වසර කිහිපයක් තුළ පිරිවැය අඩු කර ස්ථාවර මිලක් ලබා දීමට කටයුතු කරන බව සඳහන් කළේය.

රටේ ආර්ථිකය වෙනත් තලයකට ගෙන යාමට රජයක් ලෙස උපරිම මැදිහත්වීම සිදු කරන බවද ජනාධිපතිවරයා කීය.

කොළඹ අපනයන සම්මාන උළෙලට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *