අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව මැයි 12 වැනිදා ගත් තීරණයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් කඩුවෙල දිසා විනිසුරු දුලානි වික්‍රමසූරිය මහත්මිය විසින් නියෝගයක් නිකුත් කරන ලදී.
විධායක කමිටු සාමාජිකයින් වන ඉසුරු අබේවර්ධන සහ සුමිත් විජේමුණි සොයිසා ශ්‍රීලනිප සභාපති විජේදාස රාජපක්ෂ, වැඩබලන ලේකම් කිර්ති උඩවත්ත සහ දේශපාලන මණ්ඩලයට බාධාවකින් තොරව තම කටයුතු කරගෙන යාමට අවසර දෙන ලෙස අධිකරණ නියෝගයක් ඉල්ලා තිබුණා.
පෙත්සමේ වගඋත්තරකරුවන් 20 දෙනෙකු නම් කර තිබූ පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ඉක්‍රම් මොහොමඩ් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියේය.