වෑන් රථයක සුක්කානම ගැලවී බස් රථයක ගැටේ

ගම්පොළ මූලික රෝහල අසලදී වෑන් රථයක් සහ බස් රථයක්  මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබුණි.

ඊයේ  සවස අනතුර සිදුවී ඇත.

එලෙස අනතුරට ලක්වී තිබුණේ ගම්පොළ සිට නාවලපිටිය දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් සහ නාවලපිටිය සිට ගම්පොළ දෙසට ධාවනය වූ වෑන් රථයකි.

වෑන් රථයේ සුක්කානම ගැලවීයෑමෙන් රථය පාලනය කරගැනීමට නොහැකිව අනතුර සිදුවූ බව වෑන් රථයේ රියදුරු පවසයි.

වෑන් රථයේ රියදුරු ගම්පොළ පොලීසියට අනියුක්ත නිලධාරියෙකි.

අනතුරින් කිසිවෙකුටත් ජීවිත හානියක් සිදුවී නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *