ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
දිවයින පුරා අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවත්, සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තදවැසි ද ඇතිවිය හැකි බවත් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
එමෙන්ම උතුරු,උතුරු-මැදපළාත් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළගේ වේගය විටින්විට පැ.කි.මී. (40-50) දක්වා වැඩිවිය හැකි බවත්, අකුණු සහ තාවකාලික තදසුළං සහ මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.