යාපනය සරසවියේ ස්මාරකය ඉවත් කිරීමට එරෙහිව සිසුහු 5ක් උපවාසයේ

යාපනය විශ්වවිද්‍යාලය තුළ ඉදිකර තිබූ යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකිරීම සඳහා ඉදිකළ මුල්ලිවයිකාල් සැමරුම් ස්මාරකය ලෙසින් හදුන්වන ස්මාරකයක් එම ස්ථානයෙන් ඉවත් කිරීමේ සිද්ධියට විරෝධය පළ කරමින් එම සරසවියේ සිසුන් 5 දෙනකු පෙරේදා (9) රාත‍්‍රියේ සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබේ.

ස්මාරකය ඉවත් කිරීමත් සමග පෙරේදා රාත‍්‍රියේ විශ්වවිද්‍යාලය අසල දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබේ. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ මෙය විශ්වවිද්‍යාල පාලනාධිකාරියේ තීරණයක් බවත්, විශ්වවිද්‍යාල පරිශ‍්‍රය තුළ 2018 වසරේදී එහි සිසුන් විසින් මෙම ස්මාරකය ඉදිකර ඇති බවත්ය. මෙම ස්මාරකය ඔවුන් හඳුන්වන්නේ යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකිරීම සඳහා ඉදිකළ මුල්ලිවයිකාල් සැමරුම් ස්මාරකය ලෙසටයි.

විශ්වවිද්‍යාල බලධාරීන් එම ස්මාරකය ඉවත් කිරීමට ඉකුත් 8 වැනිදා රාත‍්‍රීයේ පියවර ගෙන තිබුණු අතර, ඒ සමග විශ්වවිද්‍යාල සිසුන්, ප‍්‍රදේශවාසීන් සහ දේශපාලන නියෝජිතයන් පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බව කෝපායි පොලිසිය සඳහන් කරයි. තත්ත්වය පාලනය කිරීමට කෝපායි පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්ය බළකායද කැඳවා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *