වැල්ලවායෙන් සුළු භූ කම්පනයක් වාර්තා වෙයි.

ඊයේ වැල්ලවාය, බුත්තල සහ හඳපානාගල ප්‍රදේශවලින් රිච්ටර් මාපකයේ 3.0 ක කම්පනයක් වාර්තා වී තිබේ.

කම්පනය හේතුවෙන් කිසිදු හානියක් සිදුවී නොමැති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.

සුළු භූ කම්පනය හේතුවෙන් අනතුරක් සිදුවී නොමැති බැවින් කලබල නොවන ලෙස එම ප්‍රදේශවල ජනතාවගෙන් DMC වැඩිදුරටත් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *