වැරදි ආහාර පුරුදුවලින් ලෙඩ වෙන ගාන ඉහලට

දේශීය ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයට රජය  වාර්ෂික ව වියදම් කරන මුදල මෙන් හතළිස් ගුණයකටත් වඩා වැඩි මුදලක් වැරදි ආහාර භාවිතය හේතුවෙන් ඇති වන ලෙඩ රෝගවලට ප්‍රතිකාර කිරීමට වියදම් කිරීමට සිදුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම කරුණු අනාවරණය කළේ ජාතික ඔසු වගා ව්‍යාපෘතිය සහ ඔසු එකතු කිරීමේ වැඩසටහන යටතේ  ආයුර්වේද දෙපාර්තමේන්තුව මහනුවර  දිස්ත්‍රික්කයේ පල්ලේකැලේ පිහිටි “ජනසවිගම” පිහිටුවා ඇති “පර්යේෂණ හා ව්‍යාප්ත සේවා ඔසු උයන” නිරීක්ෂණයට  එක් වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා, වැරදි ආහාර රටාවන් සමග ඇති වී තිබෙන රෝග තත්ත්වයන් රටට දරාගත නොහැකි ගැටළුවක් බවට පත් වී තිබෙන බවත් ප්‍රතිකාර සේවාවන් සඳහා විශාල මුදලක් වැය කිරීමට රජයට සිදුව ඇති බවත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *