“වැඩ පෙන්නපු පක්ෂයකට බලය දෙන්න” – පාඨලී

එක්සත් ජනරජ පෙරමුණ රටේ ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් දුන් පක්ෂයක් බවත් ප්‍රශ්නවලට විසඳුම් දෙනවා යැයි අමුතුවෙන් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක්  එම පක්‍ෂයට නොමැති බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

කොළඹ නගරයේ ගංවතුර, කුණු කසල සහ මාර්ග තදබදය යන ප්‍රශ්නවලට ස්ථිර විසඳුම් දීමට තමන්ට හැකි වූ බවත් එවැනිම ආකාරයෙන් ජනතාවට සේවය කිරීමට පළාත් පාලන ආයතනවල බලය එක්සත් ජනරජ පෙරමුණට දෙන ලෙස ඉල්ලා සිටින බවත් රණවක මහතා කීය.

එක්සත් ජනරජ පෙරමුණ මෙවර පළාත් පාලන මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම පළාත් පාලන ආයතනවලට නාම යෝජනා බාරදුන් බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *