වැඩිහිටි, ආබාධිත, සහ වකුගඩු දීමනා 83%ක් ගෙවා අවසන්

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන වැඩිහිටි, වකුගඩු, ආබාධිත දීමනා යටතේ රු. මිලියන 3,057 මුදලක් ඊයේ සවස 04.00 වන විට ගෙවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

ඒ් අනුව වැඩිහිටි මහ ලේකම් කාර්යාලය විසින් දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි ප්‍රතිලාභීන් 488,243 කට වැඩිහිටි දීමනාව ලෙස රු.මිලියන 2,441 ගෙවා ඇත.

මේ අතර වකුගඩු දීමනාව ලෙස සියළුම දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි වකුගඩු රෝග වලින් පෙලෙන 32,417 දෙනෙකු සදහා රු.මිලියන 162ක මුදලක් ද විවිධ ආබාධිත වලින් පෙලෙන පුද්ගලයින් 90,870 දෙනෙකු සදහා රු.මිලියන 454 ක මුදලක් ඊයේ පස්වරු 4.00 වන විට ‌ගෙවා ඇති බවද ආබාධිත මහ ලේකම් කාර්යාලය දැනුම් දෙයි.

මේ අනුව ප්‍රතිශතයක් ලෙස 83% කට වැඩි ප්‍රතිලාභීන්ට මෙම වැඩිහිටි, ආබාධිත වකුගඩු දීමනා ඊයේ සවස් වන විට ගෙවීමට හැකි වූ බව සෞඛ්‍ය කාන්තා ළමා හා සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වනනිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *