ඔක්තෝබර් 10 වැනිදා පනාගොඩ යුද හමුදා කඳවුරේදී පැවති මෙම උත්සවය, ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා ඉතිහාසයේ පළමු වරට සංවිධානය කළ වැඩසටහනක් බව යුද හමුදාව සඳහන් කළේය.
දැනට යුද හමුදාවේ සේවය කරන එම පාසල්වල ආදි සිසුන් සංඛ්‍යාව පදනම් කරගෙන කාණ්ඩ හතරක් යටතේ සම්මාන පිරිනමා තිබේ. සම්මාන ප්‍රදානය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
ඇගයීමට ලක්වූ පාසල්
පිරිමි නිලධාරීන්
කොළඹ ආනන්ද විද්‍යාලය
මහනුවර ධර්මරාජ විද්‍යාලය
මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය
කාන්තා නිලධාරිනියන්
කොළඹ දේවි බාලිකා විද්‍යාලය
කොළඹ විශාඛා විද්‍යාලය
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලය
පිරිමි සෙබළුන්
අනුරාධපුර කැබිතිගොල්ලෑව මධ්‍ය මහා විද්‍යාලය
අනුරාධපුර නිවත්තක චේතිය ජාතික පාසල
බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය
කාන්තා සෙබළියන්
කෑගල්ල බාලිකා විද්‍යාලය
අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය
කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය
සංවත්සර සැමරුමට සමගාමීව රෙජිමේන්තු 25ක් නියෝජනය කරමින් නිලධාරීන් 78 දෙනෙකු සහ සෙසු නිලයන් 652 දෙනෙකු සහභාගී වූ හමුදා පෙළපාළියක් ද පැවැත්විණි.
පසුගිය වසර තුළ ජාතික හදිසි අවස්ථාවලදී දැක්වූ විශිෂ්ට සේවය, නිර්භීතභාවය සහ කැපවීම අගයමින් යුද හමුදා සාමාජිකයන් හත්දෙනෙකුට යුද හමුදාපති ප්‍රශංසා ලාංඡන පිරිනමා තිබේ.
උත්සවය අමතමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අවධාරණය කළේ, අනාගත අභියෝගවලට මුහුණ දීමට සූදානම් තාක්ෂණික වශයෙන් දියුණු, වෘත්තීයමය වශයෙන් දක්ෂතා සපිරි සහ සෙබළුන් කේන්ද්‍ර කරගත් යුද හමුදාවක් ගොඩනැගීමේ වැදගත්කමයි.
යුද හමුදාවේ 77 වැනි සංවත්සරය යනු එහි ඉතිහාසය සැමරීමක් පමණක් නොව, නවීකරණය, පරිවර්තනය සහ ජාතික සේවය වෙනුවෙන් අලුත් කැපවීමක ආරම්භයක් ද වන බව ඔහු පැවසීය.
සේවයේ නිරතව සිටියදී ජීවිත අහිමි වූ හමුදා සාමාජිකයන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීම ද උත්සවයේ විශේෂ අංගයක් විය.
හිටපු යුද හමුදාපතිවරුන්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දැනට සේවයේ නිරත හමුදා සාමාජිකයන් සහ ඇගයීමට ලක්වූ පාසල්වල නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.


