වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්යාවක් ගම්පහින් වාර්තා වෙයි.

This females abdomen had become distended due to the blood meal she was ingesting, imparting the red coloration to her translucent abdominal exoskeleton.
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්රික්කය ඩෙංගු අධි අවදානම් කලාපයක් ලෙස හඳුනාගෙන ඇති අතර, මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 8000කට අධික සංඛ්යාවක් වාර්තා වී තිබේ.
ඩෙංගු රෝගීන් 7,500 කට අධික සංඛ්යාවක් වාර්තා වන ඩෙංගු අවදානම් කලාපයක් ලෙස කොළඹ ද ප්රකාශයට පත් කර ඇති අතර කළුතර දිස්ත්රික්කයෙන් ඩෙංගු රෝගීන් 2000 කට ආසන්න සංඛ්යාවක් වාර්තා වී තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයට අනුව මේ වසරේ මේ දක්වා ශ්රී ලංකාවෙන් ඩෙංගු මරණ 23ක් වාර්තා වී තිබේ.
පසුගිය සතිය වන විට දිවයින පුරා සෞඛ්ය වෛද්ය නිලධාරී කොට්ඨාස 57ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස ප්රකාශයට පත් කර ඇති බවයි එම ඒකකය සඳහන් කළේ.
දින 2ක් හෝ පැය 48කට වැඩි කාලයක් උණ රෝගයෙන් පෙළෙන්නේ නම් වහාම වෛද්ය ප්රතිකාර ලබා ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
