ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය විදේශ කටයුතුවලදී තම විෂය පථයට අයත් අමාත්‍යාංශ අධීක්ෂණය කිරීම සඳහා වැඩබලන අමාත්‍යවරුන් හතර දෙනෙකු පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි.
ඒ අනුව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය අනුපා පැස්කුවල් කාන්තා ළමා හා සමාජ සේවා වැඩබලන අමාත්‍යවරයා ලෙසත් පත් කර තිබෙනවා.
වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පත් කර තිබෙනවා.