’’වැටුප් වැඩි කරන්න රනිල් වෙන් කළ සල්ලියක් නෑ’’

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පඩි කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා මුදල් වෙන්කර නැතැයි වගකීමෙන් පවසන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

“අපිත් කැමතියි රාජ්‍ය සේවකයන්ගේ , පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිකරන්න. නමුත් මේ අවස්ථාවේ ඊට අවශ්‍ය මුදල් වෙන් කරන්න අපහසුයි.

කැබිනට් තීරණයක් අරන් තියෙනවා කියලා හිටපු ජනාධිපතිවරයා කියනවා. නමුත් මහ භාණ්ඩාගාරයේ මුදල් තියෙනවා ද? කියලා හොයලා බලලා නෑ. එතුමා අත්දැකීම් ගැන කතාකරනවා, නමුත් යමක් පොරොන්දු වෙන්න කලින් ඊට අවශ්‍ය මුදල් තියෙනවා ද කියලා හොයලා බලලා නැහැ යැයිද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *