2022 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති සතිපතා කැබිනට් මාධ්‍ය හමුවේදීය.
2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීමට සහ 2024 ජනවාරි 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සරල කළ අගය එකතු කළ බදු ක්‍රමය අහෝසි කිරීමට 2023 ජුනි මාසයේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදකයා විසින් සකස් කරන ලද පනත් කෙටුම්පතට නීතිපතිවරයාගේ අවසරය ලැබී ඇත.
ඒ නිසා මෙම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.