sagala`

වැට් ගැන සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කරන අයට එරෙහිව නීතිය දැඩි වෙයි

වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් ජනතාව අතර සාවද්‍ය මතයන් ද සමාජගතකර ඇති බව රජය පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසුවේ, බදු සංශෝධනය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකරන පාර්ශවවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවය.

“ජනතාව රජය සමග විශ්වාසවන්තව වැඩකටයුතු කරන්න ඔනේ. රජය ජනතාව සමග විශ්වාසවන්තව කටයුතු කරන්න ඔනේ. ඒක තමා වැදගත්ම දේ. මෙතන දී දේශපාලනය අරමුණු කරගෙන, ඡන්දය අරමුණු කරගෙන අපි රටක් වශයෙන් වැඩකටයුතු කරන්න ගියොත්, ආණ්ඩුවක් වශයෙන් වැඩකටයුතු කරන්න ගියොත් අපේ ගමන හැමෝම එකතු වෙන්න ඔනේ.  වැරදි ලෙස වැඩකටයුතු කරන ඒවට අපි ක්‍රියාමාර්ග ගන්නවා. වැට් බද්ද මුවාවෙන් වැඩකටයුතු කරන අය සමහර වෙලාවට නැති රකුසෙක් මවලා ජනතාව කුපිත කරලා, අවුල් කරන්න යන අය ගැන දැඩි තීන්දු අරගෙන නීතිය තුළ කටයුතු කරනවා. “

වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් ජනතාව නිසි අවබෝධයකින් පසු වීම ඉතා වැදගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *