වැටලීම් කිරීමට පෙර ජාවාරම්කරුවන් දැනුවත් කරන පානදුර දකුණ පොලිස් නිලධාරියා

පානදුර ප‍්‍රදේශයේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඔත්තු ලබාදුන් බවට සැක කෙරෙන පානදුර දකුණ පොලීසියේ වංචා දූෂණ අංශයේ නිලධාරියෙකු පිළිඹදව පරීක්‍ෂණ ආරම්භ කර තිබේ. පානදුර ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පිළිබද සිදුකළ පරීක්‍ෂණයකදී අනාවරණ වී ඇත්තේ අදාළ නිලධාරියා වැටලීම් සිදු කිරීමට පෙර ඒ පිළිබද අදාළ ජාවාරම් කරුවන් වෙත තොරතුරු ලබාදෙන බවටයි.

අදාළ ජාවාරම් කරුගේ නිවස පරීක්‍ෂා කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පැමිණි අවස්ථාවක පානදුර දකුණ පොලීසියේ වංචා දූෂණ අංශයේ මෙම නිලධාරියා ඒ පිළිබද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ බිරිදට දුරකතනයෙන් දැනුවත් කිරීමක් කර තිබෙන අතර එම අවස්ථාවේ බිරිදගේ දුරකතනය තිබී ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සතුවයි. ඒ අනුව මෙම සැකකරු පිළිබද තොරතුරු අනාවරණ කර ගැනීමට හැකි වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *