වාහන අංක තහඩු 650,000ක් සහ රියැදුරු බලපත්ර 450,000ක් නිකුත් කිරීමේ පවතින ප්රමාදය ඉදිරි මාස හය තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇති බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්, විශ්රාමික ගුවන් උප මාෂල් තුෂාර ඉඳුනිල් ප්රනාන්දු මහතා පවසයි.
මීට අමතරව, ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණින් දිස්ත්රික්ක පහක යතුරුපැදි ලියාපදිංචි කිරීමේ මධ්යස්ථාන පිහිටුවීමට ද මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
එහි පළමු මධ්යස්ථානය ගම්පහ දිස්ත්රික්කයේ මේ වන විට විවෘත කර ඇති අතර, කුරුණෑගල, අනුරාධපුරය, හම්බන්තොට සහ යාපනය යන දිස්ත්රික්කවල ද මෙවැනි මධ්යස්ථාන ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
ඉදිරියේදී මෙම ලියාපදිංචි කිරීමේ සේවාව අනෙකුත් වාහන කාණ්ඩ සඳහා ද ව්යාප්ත කිරීමට පියවර ගන්නා බව ප්රනාන්දු මහතා සඳහන් කළේය.
එමෙන්ම, වාහන අංක තහඩුවල ගුණාත්මකභාවය සහ ඒවා නිෂ්පාදනය කිරීමේදී අනුගමනය කළ යුතු ප්රමිතීන් පිළිබඳව ද ඔහු අදහස් පළ කළේය.


