වාද්දූව පොලිසියේ හතර දෙනාට ඇප

වාද්දුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහල පුද්ගලයකු මියයාමේ සිද්ධියට සම්බන්ධයෙන් සැකපිට අත්තඅඩගුවට ගත් හිටපු පොලිස් කොස්තාපල්වරුන් සිව්දෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින්නැයි ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා  නියෝග කලේය.

රවිචන් ක්‍රිසාන්තන්, අසංක ඉන්දික බණ්ඩාර , විරාජ් නන්දන සහ තරිදු සම්පත් යන නිළධාරීන් මෙසේ ඇපමත මුදාහරින ලදී.

සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත් බාර දෙන ලෙසත්, සති දෙකක් ඇතුළත පදිංචිය සනාථ කරන ලෙසත්, නඩු කටයුතු අවසන් වන තුරු සෑම ඉරු දිනකම පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙසත්, විත්තියේ සාක්ෂිකරුවන් සහ එම පාර්ශවයට බලපෑම් නොකරන ලෙසත්, එසේ බලපෑම් කළහොත් ඇප කොන්දේසි අවලංගු කොට නඩු කටයුතු අවසන් වනතුරු රිමාන්ඩ් බන්ධනාගාර කරන බවත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *