සමාගම්

ව්‍යාපාර 13,861 කට 4%ක පොලියක් යටතේ ණය ලබා දීමට මහ බැංකුවෙන් බිලියන 28 ක්

කෝවිඞ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර 13,861 ක් සඳහා 4% ක සහනදායී වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ රුපියල් බිලියන 28 ක මුදලක් ලබා දීමට ශී‍්‍ර ලංකා මහ බැංකුව අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව ඊයේ (24) දිනයේ රුපියල් බිලියන 14.8 ක මුදලක් ව්‍යාපාර 7,274 ක් සඳහා බැංකු පද්ධතිය වෙත මුදා හැරුණු බවයි ශී‍්‍ර ලංකා මහ බැංකුව නිවේදනය කර ඇත්තේ.

කෝවිඩ් -19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර පුනර්ජීවනය කිරීම හා ආර්ථික කටයුතු යළි ගොඩ නැගීම සඳහා සෞභාග්‍යා කෝවිඩ්-19 පුනරුද සහන ප‍්‍රතිමූල්‍ය පහසුකම ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් ඊයේ ප‍්‍රකාශයට පත් කළා.

මාස 06 ක සහන කාලයකට යටත්ව මාස 24 කින් ආපසු ගෙවා නිම කළ හැකි වන පරිදි මෙම ණය යෝජනා ක‍්‍රමය ක‍්‍රියාත්මක වේ. මීට අමතරව මෙහි දෙවන අදියර යටතේ ශී‍්‍ර ලංකා මහ බැංකුව මගින් තවත් රුපියල් බිලියන 120 ක් 1% ක වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ වාණිජ බැංකු වෙත ලබාදීමට නියමිතයි.

එම මුදල් කෝවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර යළි ගොඩ නැගීම සඳහා සියයට හතරේ සහනදායී පොලී අනුපාතිකයක් යටතේ මුද හැරීමට කටයුතු යොදා ඇති බව ද ශී‍්‍ර ලංකා මහ බැංකුව නිවේදනය කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *