අත්තනගල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට පැමිණි අවස්ථාවේදී පාතාල නායක ගනේමුල්ලේ සංජීවගේ ප්‍රධාන ඝාතකයා බව කියන රොෂාන් චතුරක බදාදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ ඇත්තේ එදින උදෑසනයි. සැකකරු තමන් සිදුකළ අපරාධ රැසක් සම්බන්ධයෙන් පාපොච්චාරණය කර ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
2008 පෙබරවාරි 02 වැනි දින කෙහෙල්බද්දල පද්මේ නමින් හැඳින්වෙන පාතාල නායකයකුගේ පියා වූ නෙවිල් පෙරේරා ඝාතනය කිරීම ද ඔහු සිදු කළ ඝාතන අතර වේ.
චතුරක ඩුබායි වෙත පැන යාමට පෙර මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සහ මංකොල්ලකෑම් රැසකට සම්බන්ධ වූ අයෙකි. සැකකරු ඩුබායි සිට ද අපරාධ රැසකට මහ මොළකරු වී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. මින් ආසන්නතම සිදුවීම වන්නේ 2023 ජූලි මාසයේදී දුනුමාල සරත් නමැති අපරාධකරුවා ඝාතනය කිරීමයි.
පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ඔහු වැඩිදුර විමර්ශන සඳහා සීතාවක අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත භාර දී ඇත. ගනේමුල්ල සංජීව ද ඩුබායි සිට පැමිණි පසු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත පොලිස් අත්අඩංගුවේ පසුවේ.