රුපියල් ලක්ෂ 20ක් ගෙවා සකස් කළ ව්‍යාජ කැනේඩියානු වීසා බලපත්‍රයක් ලබාගෙන කැනඩාව බලා යාමට උත්සාහ කළ පුද්ගලයෙකු අද සවස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මැල්සිරිපුර මඩහපොල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි මෙම මගියා අද සවස ඩුබායි හරහා කැනඩාවට යන ගුවන් යානයකට යාමට ගුවන් තොටුපළට පැමිණ ඇති බව ආගමන විගමන ආරංචි මාර්ග පවසයි.
සංචාරකයාගේ කැනේඩියානු වීසා බලපත්‍රයේ සත්‍යතාව පිළිබඳව සැකයක් ඇති වූ පිටත්වීමේ කවුන්ටරයේ ආගමන නිලධාරියා ඔහුව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා නිරීක්ෂණ ඒකකයට (BSU) යොමු කර ඇත.
සංචාරකයාගේ නියම ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයේ අලවා තිබූ වීසා බලපත්‍රය ව්‍යාජ එකක් බව විශේෂ පරීක්ෂණයකින් අනාවරණය විය.
ජ්‍යෙෂ්ඨ ආගමන විගමන නිලධාරියෙකු පැවසුවේ, එම පුද්ගලයාගෙන් කළ විමසීමකදී ඔහු බලධාරීන්ට පවසා ඇත්තේ තමන් රුපියල් ලක්ෂ 10 බැගින් ගෙවා ඇති බවයි. ඔහුගේ කැනේඩියානු වීසා සකස් කර ගැනීම සඳහා නියෝජිතයෙකුට රුපියල් මිලියන 2 ක් ලබා දී ඇති අතර, එය පසුගියදා One Galle Face Mall හිදී ඔහුට ලබා දෙන ලදී.
පසුව වැඩිදුර පරීක්ෂණ සඳහා මගියා ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය වෙත භාර දී ඇත.