මිනීමැරුම් ඇතුළු අපරාධ රැසකට පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු වසර 8කට පමණ පසු යාල රක්ෂිතයේ සැඟවී සිටියදී කතරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කතරගම පොලිසිය දින කිහිපයක් තිස්සේ සිදුකළ මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු යාල රක්ෂිතයේ සැඟවී සිට මිනීමැරුම් සහ මංකොල්ලකෑම් සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා පසුගිය ජූලි මාසයේ කතරගම ප්‍රදේශයේ හින්දු පූජකවරයකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව අනාවරණය විය.
සැකකරු යාල රක්ෂිතයේ වන සතුන් දඩයම් කර එම මස් අලෙවි කර ඇති බවද විමර්ශනවලදී අනාවරණය විය.