රග්බි එංගලන්තය

වසර 12 කට පසු එංගලන්තය රග්බි ලෝක කුසලාන අවසන් පූර්ව වටයට..

ජපානයේ මේ දිනවල පැවැත්වෙන 2019 රග්බි ලෝක කුසලාන තරලාවලියේ ප්‍රථම අර්ධ අවසන් පූර්ව තරගයෙන් ලකුණු 40 – 16 ක් වශයෙන් විශිෂ්ඨ ජයක් ලැබීමට එංගලන්තය අද දිනයේ දී සමත් වුනේ වසර 12 කට පසුව රග්බි ලෝක කුසලාස තරගාවලයි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබමින්.

2007 වසරේ දී ප්‍රංශයේ පැවැත්වුන රග්බි ලෝක කුසලාන තරගාවලියේ දී අනු ශූරයන් බවට පත් වුණ එංගලන්තය, 2011 තරගාවලියේදී අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවතට විසිවුණා. 2015 ලෝක කුසලාන තරගාවලියේදී පළමු වටයෙන්ම එංගලන්තය තරගාවලියෙන් ඉවතට විසි වුණා. ඒ රග්බි ලෝක කුසලාන තරගාවලියක එංගලන්ත කණ්ඩායමක් දැක්වූ අඩුම දක්ෂතාවයයි.

මෙවර පළමු අර්ධ අවසන් පූර්ව වටයේදී එංගලන්තය හමුවේ පරාජය පත්වූනේ 2015 රග්බී ලෝක කුසලාන අනුශූරයන් වූ ඕස්ට්‍රේලියාවයි.

තරගයේ පළමු භාගය නිම වද්දී 17 – 9 ක් වශයෙන් ඉදිරියෙන් සිටි එංගලන්තය 2 වන භාගයේදී තවත් ලකුණු 23 ක් රැස් කරන විට ඕස්ට්‍රේලියාවට රැස්කර ගත හැකි වූයේ තවත් ලකුණු  7 ක් පමණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *