ඉදිරි වර්ෂ තුනක කාලයක් බලපැවැත්වෙන පරිදි වීවලට උපරිම සහතික මිලක් සහ සහල්වලට උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව වී මිලදී ගැනීමේදී නාඩු කිලෝවක් රුපියල් 50කට, සම්බා කිලෝවක් රුපියල් 52ක සහතික මිලක් නියම කිරීමට නියමිතයි. එමෙන්ම සහල් විකිණීමේදී නාඩු කිලෝවක් රුපියල් 97ක් හා සම්බා කිලෝවක් රුපියල් 99ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කිරීමටද නියමිතව තිබේ. වෙළෙද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකමිටුවට යෝජනා ඉදිරිපත් කිරීම සඳහා වන මෙහෙයුම් කමිටුව මේ සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.