වසර එකහමාරක් හොරට විශ්‍රාම වැටුප අරන්

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කර මියගිය පියාගේ විශ්‍රාම වැටුප වසර එකහමාරක කාලයක් හොරට ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර වලාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කීය.

පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතාට ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුගේ පියා නාරාහේන්පිට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කොට විශ්‍රාම ගොස් ඇති අතර , ඔහු මියයාමෙන් පසු මවට විශ්‍රාම වැටුප හිමිව තිබූ බව  පොලිසිය කීය.

සැකකරු මව සමග බද්ධ ගිණුමක් ආරම්භ කර විශ්‍රාම වැටුප ලබාගෙන ඇති අතර, මව වසර එකහමාරකට පෙර මියගොස් ඇති අතර , ඇය මියයාමෙන් පසුව රුපියල් ලක්ෂ හයකට අධික මුදලක් වංචාකාරී ලෙස ලබාගෙන ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය සදහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *