ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2022 වසර සඳහා ආහාර සඳහා රුපියල් බිලියන 1.2ක් වැය කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) අනාවරණය කළේය.
කෙටි කෑම සඳහා පමණක් රුපියල් මිලියන 498ක් වැය කර ඇති බව විගණකාධිපතිවරයා කමිටුවට ප්‍රකාශ කළේය.
වරාය අධිකාරියේ අතිරික්ත සේවකයන් 914 දෙනකු සිටින බවත් අතිරික්ත සේවකයන් තිබියදී සේවකයන්ට අතිකාල දීමනා ලබාදී ඇති බවත් මෙහිදී අනාවරණය විය.
2016 වසරේ සිට 2021 වසර දක්වා ශ්‍රී ලංකා වරාය අධිකාරිය උපයා ඇති ලාභයෙන් ඒකාබද්ධ අරමුදලට බැර කිරීමට නියමිතව තිබූ රුපියල් මිලියන 4.975 ක මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් කමිටුව පැමිණ සිටි නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළේය.
මාස දෙකක් ඇතුළත මෙම මුදල ගෙවීමට කටයුතු කරන බවයි එහි සිටි නිලධාරීන් ප්‍රකාශ කළේ.
වරාය අධිකාරියේ අතිරික්ත සේවකයන් 914 දෙනකු සිටින බවත් තත්ත්වය එසේ තිබියදී සේවකයන්ට අතිකාල දීමනා ලබාදී ඇති බවත් මෙහිදී අනාවරණය විය.
ඒ අනුව අතිරික්ත සේවක සංඛ්‍යාව පිළිබඳව අවධානය යොමු කර අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කෝප් කමිටුව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නා. කාරක සභාව නැවත කැඳවීමට පෙර සේවක සංඛ්‍යාව සම්බන්ධ ගැටලුව විසඳන ලෙස කාරක සභාව උපදෙස් දුන්නේය