ජනාධිපතිවරයා උපදෙස් දුන් ආකාරයට වරායේ කටයුතු සිදු නොවන බව ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා දුන් උපදෙස් අනුව සෑම දෙනාම කටයුතු කරන වගක් නොපෙනෙන බව තමා අවංකව ප්‍රකාශ කරන්නේ යැයි පැවසූ අමාත්‍යවරයා මේ තත්වය ගැන සතුටු නොවන බවද සඳහන් කළේය.
පැය 24 ම වැඩ කරන්නේ යැයි පැවසූ විට සමහර අංගනවල වැඩ අලුයම තුනයි විස්සට කලින් නතර වෙන බවත් පෑලියගොඩ ඉංජිනේරු සංස්ථාවට අයිති ඉඩම ලෑස්ති කර ලොරි එනතුරු සිටි බවත් රත්නායක මහතා පැවසීය
නැව් ආයතනවල පිරිස් ඇවිත් භාණ්ඩ නිදහස් කර ගනීවි යැයි බලාපොරොත්තු වූවත් හොඳ සහයෝගයක් නොලැබෙන බවත් පෞද්ගලික අංශයේ ආනයනකරුවන්ගෙන්ද එතරම් සහයෝගයක් නොලැබෙන බවත් හෙතෙම පැවසීය.
රජය ජනවාරි 31 දක්වා බලන බවත් මේ වැඩපිළිවෙළට කවුරුත් දායක වන්නේ නැත්නම් රටට ඇත්ත කියන බවත් අමාත්‍යවරයා පැවසීය.
ආණ්ඩුව කැපවෙනවා නම් අනෙක් අයත් කැපවිය යුතු බව රත්නායක මහතා සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ වරායේ තදබදය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසුමකදීය.