වරායෙන් භාණ්ඩ පන්නන අලුත්ම ක්‍රමය මෙන්න

ආනයනකරුවන් වරායෙන් නිදහස් කරනොගන්නා භාණ්ඩවලට ඉහළ තක්සේරු වටිනාමක් නියමකර ටෙන්ඩර් හෝ වෙන්දේසිය හරහා විකිණීම වළක්වා එම භාණ්ඩ විනාශ කිරීමට රැගෙන යන්නේ යැයි පෙන්වා වෙළෙඳපොළට නිකුත් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව වරාය සහ රේගු භාණ්ඩ ලංසුකරුවෝ පවසති.

වරායේ සහ රේගුවේ ටෙන්ඩර් ක්‍රමය කඩාකප්පල්කර රජයේ ආදායම අහිමිකර කුණුකොල්ලයට වරායෙන් භාණ්ඩ පන්නන අලුත්ම ක්‍රමය මෙය බව කියන ලංසුකරුවෝ රේගු, වරාය සහ නැව් සමාගම් සම්බන්ධීකරණය කරන්නන් භාණ්ඩ විනාශ කිරීම භාරගන්නා පාර්ශවයන් බවට පත්ව ඇති බව ද කියති.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සහ රේගු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් එකතුව මෙම ජාවාරම ක්‍රියාත්මක කරන බව  ලංසුකරුවෝ කියති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *