වරකාපොල බීඩි සමාගමකට රු. කෝටි 15ක් දඩ

වරකාපොළ ලියාපදිංචි බීඩි සමාගමක දී පසුගිය 09 වන දින සිදු කරන ලද වැටලීමකදී බදු නොගෙවන ලද බීඩි මිලියන 10 ක් සහ තෙන්දු කොළ කිලෝග්‍රෑම් 17 000ක් පමණ සොයා ගන්නා ලදී.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී.එන්.ඒ.පේමරත්න මහතාගේ නියෝග පරිදි නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) තිස්ස රාජපක්ෂ මහතාගේ සහ සුරාබදු අධිකාරි (දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය) ජී. හේමන්ත යන මහතුන්ගේ උපදෙස් පරිදි දීපව්‍යාප්ත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නීල් ඒකනායක මහතාගේ මෙහෙයවීමෙන් සුරාබදු පරීක්ෂක තුෂාර වීරමන් මහතාගෙන් ලද තොරතුරකට අනුව  මෙම සොයා ගැනිම සිදු කරනු ලැබිය.

එම වරද සම්බන්ධයෙන් 13 වන දින සුරාබදු කොමසාරිස් ජනරාල්තුමා ඉදිරියේ වරද පිළිගත් හෙයින් ලියාපදිංචි සහතිකකරු වෙත රුපි‍යල් කෝටි 15 කට ආසන්න මුදලක් සමත ගාස්තු ලෙස නියම කර ඇත.එදින රුපි‍යල් කෝටි තුනක මුදලක් ගෙවීමට නියම කළ අතර ඉතිරි හිඟ මුදල් මාස 9ක් තුළ සමාන වාරිකවලින් ගෙවීමට නියෝග කරන ලදී.

මේ සඳහා සුරාබදු සැරයන් ජගත් (679), සුරාබදු කෝප්‍රල්වරුන් තේනුවර (742), මෙරංග (1009), උදාර (1058), බුද්ධික (1062), රන්දික (1146), සේනාධීර (1189), සුරාබදු නියාමක වික්‍රමසිංහ (1191), සිල්වා (1198), සුරාබදු නියාමක රියදුරු සුපුන් සහ දුමින්ද යන නිලධාරීන් සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *