පසුගියදා ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සැලකිල්ලට ගනිමින් වධහිංසා පැමිණවීමේ වරද සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකුට වහාම නඩු පවරන ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ නීති උපදේශක කණ්ඩායමක් වන නීතිඥ සාමූහිකය නීතිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.
වත්මන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ සහ බණ්ඩාර ඇතුළු වගඋත්තරකරුවන් හිටපු හමුදා සෙබළෙකුගේ නීතිවිරෝධී වධහිංසාවලින් නිදහස් වීමේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව සුමංගල එෆ් බණ්ඩාර ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කළේය.
ඉන් අනතුරුව, අභිනවයෙන් පත් වූ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන්ට එරෙහිව සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික පොලිස් කොමිසමට (ණ්ඵ්C) සහ අනෙකුත් අදාළ බලධාරීන්ට නියෝග කළේය.
දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පති ලෙස අපක්ෂපාතී පරීක්ෂණයක් කළ නොහැකි බැවින් වැඩබලන පොලිස්පතිවරයාගේ වැඩ තහනම් කරන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දීම නීතිපතිවරයාගේ යුතුකම බව නීතිපති සංජය රාජරත්නම් වෙත ලිපියක් යවමින් නීතීඥ එකමුතුව දන්වා සිටියේය.
නීතිඥ සාමූහිකය වෙනුවෙන් රියන්සි අර්සකුලරත්න, උපුල් ජයසූරිය, ජෙෆ්රි අලගරත්නම්, ඩිනාල් පිලිප්ස්, සාලිය පීරිස්, නලින් දිසානායක, මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, මහාචාර්ය දීපිකා උඩගම, නීතීඥ දීපිකා උඩගම, නීතීඥ මනජ්ජත් ඇතුළු ජනාධිපති නීතිඥවරු පිරිසක් – අමිල මහවත්ත එම ලිපියට අත්සන් තබා ඇත.