වතු ජනතාවට නිවාස දීමේ වැඩපිලිවවල යටතේ මෙම වසරේ (2025) නිවාස 4350ක් ඉදිකරන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්තන මහතා පැවසීය.
වතු ජනතාවගේ යටිතල පහසුකේ දියුණු කර ඔවුන් දිළිඳු බවින් මුදාගැනීම රජයේ අරමුණ බවත් මීට වපර වතු ජනතාවට නිවාස ඉදිකර ඒවා දේශපාලන හිතවත්කම් මත බෙදා දුන් බවත් අමාත්‍යවරයා කීය.
ජන සංඝණනවලට අනුව මෙරට නිවාස හිමිකාරිත්තවය ගත්ත විට ජාතික වශයෙන් එය සියයට 83.75 ක් බවත් එය වතු ආශ්‍රිතව සියයට 5.6 ක් පමණක් බවත් අමාතය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේය.